Thursday, April 23, 2026
Follow Us
විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට

21 හැවිරිදි හර්නාස් සන්දුට රූ රැජිණ කිරුළ


2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබේ.

මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්‍රායලයේ දී 70 වන වරට පැවැත්වුණි.

එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව, ඉන්දියාවට මෙවර විශ්ව රූ රැජිණ කිරුළ හිමිව ඇත්තේ වසර 21කට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(Aruna)