Thursday, April 23, 2026
Follow Us
ශ්‍රී ලංකා විදේශ ඇමති හා ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

අබුඩාබි නුවර පැවැත්වෙන 5 වැනි ඉන්දියානු සාගර සමුළුව අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

ආර්ථික ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව, සංස්කෘතික කටයුතු මෙන්ම පුද්ගලාන්තර මුලපිරීම් සහ කලාපීය සංවිධානවල ඒකාබද්ධ මුලපිරීම් යනාදී ප්‍රධාන විෂය කරුණු මෙම සාකච්ඡාව තුළ අන්තර්ගත විය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 දෙසැම්බර් 06 වැනි දින