Thursday, July 30, 2026
Follow Us
තෙල් සංචිත මුදා හරී

ලෝක ඉන්ධන මිල පාලනයට ගත් තීරණය


ලෝක ඉන්ධන මිල පාලනයට ඇමරිකාව තමන් සතු සංචිත වලින් බැරල් මිලියන 50ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ බ්‍රිතාන්‍යයේ ඇතුළු අනෙකුත් ප්‍රධාන තෙල් පාරිභෝජනය කරන රටවල් හා සමාන්තරවයි.

එමෙන්ම ඉන්දියාව ද සිය සංචිත වලින් බැරල් මිලියන 5ක් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

(Aruna)