Thursday, April 23, 2026
Follow Us
නැනෝ පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවේ යානා 02 ක් දිවයිනට

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඉන් පළමු ගුවන් යානය අලුයම 12.06 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වූ බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ. එම ගුවන් යානයෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝ 44,730 ක් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය අලුයම 03.02 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් මෙරටට රැගෙන ආ නැනෝ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය කිලෝ 44,773 ක්. එම ගුවන් යානා දෙකම ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වීම විශේෂත්වයක්. දිවයිනට රැගෙන ආ පොහොර තොගය , ලොරි රථ මගින් පොහොර ගබඩා වෙත රැගෙන යෑමට කටයුතු යොදා තිබෙනවා.

(Neth)