Friday, February 20, 2026
Follow Us
ඩිස්නිලන්තය වසා දමයි

ඩිස්නිලන්තය ගැන බලධාරීන් තීරණයක් ගනී


ෂැංහායි ඩිස්නිලන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව එම කාන්තාව විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව ෂැංහායි ඩිස්නිලන්තය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත.

ඩිස්නිලන්තය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත බව ෂැංහායි බලධාරීන් පවසයි.

(Aruna)