Friday, February 20, 2026
Follow Us
බංගලාදේශය සමඟ අවබෝධතා ගිවිසුමක්

සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට නව පියවරක්


බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් අරිෆුල් ඉස්ලාම් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගතයෙන් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා ආසියානු කලාපීය රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සැකසීමේ අරමුණෙන් දකුණු ආසියානු කලාපීය සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් කැඳවීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව පවසා ඇත්තේ ඊයේ පැවති හමුවකට එක්වෙමින්.

(Aruna)