Monday, August 03, 2026
Follow Us
අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර හා නුවරඑළිය පාසල් හෙට වැසේ

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තැබීමට තීරණය කර තිබේ.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.