Wednesday, May 08, 2024
Follow Us
 නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල සා/පෙළ ඇරඹීමට පෙර

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය ආරම්භ වීමට පෙර නිකුත් කරන බව අධ්‍යා­පන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා ඊයේ (26) පාර්ලි­මේ­න්තු­වේදී පැව­සීය.

වෙනත් වස­ර­ව­ලට වඩා මේ වසරේ සාමාන්‍ය පෙළ නැවත සමී­ක්ෂණ අය­දු­ම්පත් දෙගු­ණ­ය­කින් ඉහළ ගොස් ඇති බව විභාග කොම­සා­රි­ස්ව­ර­යා­ගෙන් කළ විම­සී­ම­කදී දැන­ග­න්නට ලැබුණු බවද, කෙසේ වුවද මැයි මාසයේ දෙවැනි සතියේ මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය ආරම්භ වීමට පෙර එම නැවත සමී­ක්ෂණ ප්‍රති­ඵල නිකුත් කරන බව විභාග කොම­සා­රි­ස්ව­රයා දැනු­ම්දුන් බවද ඇමැ­ති­ව­රයා කීය. රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ගාමිණී වලේ­බොඩ මහතා මතු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ කරුණු අනා­ව­ර­ණය කළේය.