Tuesday, July 15, 2025
Follow Us
ලංකාවේ ආහාර උද්ධමනය පහළට

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණය.

මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනය වන අතර එහි අගය 139%කි.

සියයට 59ක ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දස වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු දත්ත අනාවරණ කරයි.