Thursday, July 17, 2025
Follow Us
රාජ්‍ය ආයතන 7ක් විකුණා දැමීමට තීරණය කරයි
රජය සතු ආයතන 7ක්  විකුණා දැමීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ශ්‍රි ලංකන් ගුවන් සමාගම ,ටෙලිකොම් සමාගම ,රක්ෂණ සංස්ථාව ,ග්‍රෑන්ඩ් හයිට් ,හිල්ටන් හෝටලය ,ලිට්රෝ සමාගම හා ලංකා හොස්පිටල් සතු රජයේ කොටස් විකුණා දැමීමට තීරණය කර ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
 
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය අද පස්වරුවේ නිවේදනය කළේ,පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බවයි