Thursday, July 17, 2025
Follow Us
ඇමෙරිකානු ඩොලරය යළි පහළට

පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද (21) දිනයේ ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල සීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ අද (21) දිනයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.84 ක් වන අතර, විකුණුම් මිල රු. 334.92 ක් බවයි.

 මෙරට වාණිජ බැංකුවල අද විනිමය අනුපාත සටහන පහතින්,

 මහජන බැංකුව - රු. 308 - රු. 330.92

 සම්පත් බැංකුව - රු. 315 - රු. 330

 කොමර්ෂල් බැංකුව - රු. 314.66 - රු. 336

 ලංකා බැංකුව - රු. 315 - රු. 333.54

 සෙලාන් බැංකුව - රු. 311 - රු. 338

 අමානා බැංකුව - රු. 315.50 - රු. 330.50

Aruna