ඩිජිටල් තාක්ෂණයෙන් දැනුවත් කරමින් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමට නිපුණතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වෘත්තීය මාර්ගෝපදේශන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රාජකාරී වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මකව සිදු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක බෙදාදීමක් පසුගියදා (17) “නිපුණතා පියස” පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ලැප්ටොප් පරිගණක 150ක් ලබා දෙන ලදී.
මේ වන විට අදියර තුනක් යටතේ දිවයිනේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරීන් සඳහා පරිගණක උපකරණ බෙදාදීම සිදු කර ඇත. එහි පළමු අදියර ලෙස 2026 ජූලි 13 වන දින දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සඳහා ඩෙස්ක්ටොප් පරිගණක 25ක් ලබා දී තිබූ අතර, දෙවන අදියර යටතේ ලැප්ටොප් පරිගණක 150ක්ද, තෙවන අදියර යටතේ තවත් ලැප්ටොප් පරිගණක 67ක්ද ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස පරිගණක 242ක් බෙදා දී ඇත.
මෙම ක්ෂේත්‍ර නිලධාරීන් විසින් “Skill Vista” වැඩසටහන යටතේ අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්, පාසල් හැරගිය තරුණ තරුණියන්, රැකියා අපේක්ෂිතයන් මෙන්ම විවිධ වයස් කාණ්ඩවල පුරවැසියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සේවා සපයනු ලබයි. එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සමඟ ඒකාබද්ධවද වෘත්තීය මාර්ගෝපදේශන හා නිපුණතා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී.
ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ මෙවලම් ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය නවතම දැනුම හා තොරතුරු කඩිනමින් ලබාගැනීමටත්, ප්‍රතිලාභීන් වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක වෘත්තීය මාර්ගෝපදේශන සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.
මෙම වැඩපිළිවෙළ හරහා දිවයින පුරා වෘත්තීය මාර්ගෝපදේශන සේවා තවදුරටත් ශක්තිමත් කරමින්, අධ්‍යාපනයෙන් පසු නිවැරදි වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීමට අපේක්ෂා කරන තරුණ පරපුර ඇතුළු සියලු පුරවැසියන් වෙත වඩාත් ප්‍රවේශවත්, නවීන හා තාක්ෂණය මත පදනම් වූ සේවාවක් ලබාදීම අරමුණු කෙරේ.