Friday, May 17, 2024
Follow Us
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වු කම්කරුවන් ඉලක්කරකරමින් එල්ල වූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයෑම සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදුකරයි.

එම කම්කරුවන්ගේ අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමුවන දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සමරුව ආරම්භ කළ අතර මෙරට මැයි දින සැමරුම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ ඒ. ඊ. ගුණසිංහ විසිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී ය. කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැළිය 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් ඇත.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධාන කරයි.