Sunday, April 26, 2026
Follow Us
කැබිනට් එකෙන් දයාසිරි හලයි: ශ්‍රීලනිපයේ ඇමැතිවරු තිදෙනා මෙන්න

හෙට දිව්රුම් දෙන නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට අමාත්‍ය ධූර ලබා දීමට එකගතාව පළවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අමරවීර සහ නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ට කැබිනට් අමාත්‍ය ධූර හිමිවනු ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙහිදී වාර්තා වන විශේෂ කරුණ වන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට තීන්දු කර තිබීමය.

(Lanka Leads)