Wednesday, September 09, 2026
Follow Us
මන්ත්‍රීවරු ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ

09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර සෑම පාර්ලිමේන්තු සභා වාරයක් ආරම්භ වීමට පෙර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම සිදුකරන අතර මීට පෙර එය සිදුකරනු ලැබුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා වුව ද රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

(Aruna)